Monday, December 8, 2014

සිංහල බ්ලොග් එකක් හදමු 02 - හසියාගේ ලෝකය

සිංහල බ්ලොග් කරනය මුල සිට අගට -  02 කොටස

ඔන්න යාලුවනේ කිවුව වගේම ඉක්මනටම දෙවැනි කොටසත් අරන් ආව. කතා නැතුව වැඩේට බහිමු නේ. ඉතින් පහුගිය කොටසින් අපි කතා කරේ හැදින්වීමක් ගැන නිසා අද වැඩ තියන. දැන් ඔයාල Google Account එකක් හදාගෙන ඇතිනේ. එහෙනම් අපි දැන් බ්ලොග් එකක් හදමු නේද?

අපි blogger වලින් බ්ලොග් එක හදන නිසා මුලින්ම ඔයාල මේ පහත link එකට යන්න.

https://www.blogger.com/

දැන් ඔයාල ඔයාලගෙ Google Account එකේ username හා password දීල log වෙන්නකො. මෙහි වම් පස Create a Google+ Profile  යන්නෙන් ගොස් ඔබේ විස්තර පුරවා මුලින්ම Google+ Profile එක හදා ගන්න ඕනෙ. මෙහි විස්තර වලට ඔබේ නම නොදා බ්ලොග් අඩවියේ අනාගතය ගැන හිතල බ්ලොග් අඩවියේ නම යෙදුවොත් වඩා හොදයි. නැතිනම් මේව පසුව උවත් වෙනස් කරගන්න පුලුවන්.

දැන් එම පියවරවල් වලට පසුව Google+ Profile එකේ වැඩ ඉවරයි. Finish කර පසු ඔබට අලුත් window එකක් ලැබෙයි.

එහි Continue Blogger කියන Button එක ක්ලික් කරන්න. දැන් තමා ඔන්න අපි අපේ වැඩේට එන්නෙ. ඔබ මීට පෙර බ්ලොග් එකක් සදා නැතිනම් අනිවාර්යයෙන් මේ ආකාරයෙන් ඔබට Blogger Dashboard එක දැක ගන්න පුලුවන්.







හොදයි මේ කෝක උනත් ඔයාලට අලුත් බ්ලොග් එකක් හදන්නනෙ මේ පාඩම් වලින් මන් කියල දෙන්නෙ. ඉතින් අපි නව බ්ලොග් අඩවියක් සෑදීමට මෙහි New Blog යන්න click කරන්න. එවිට විවෘත වන්නෙ මේ ආකාරයේ window එකකි.




මෙහි Title යන්නට ඔබ බ්ලොග් අඩවියට යෙදීමට බලාපොරොත්තුවන නම ලබා දෙන්න. ඔබට සිංහලෙන් නම යෙදීමට අවශ්‍ය නම් ඔබ බාවිතා කල යුත්තේ Unicode ය. ඔබ දැනටත් සිංහල Unicode Type කරන්න නොදන්නේ නම් ඔබට Sinhala Tamil IMI යන Unicode එකෙන් සිංහල ලිවිය හැක තව Google Input Tool යන එවායෙන් ලේසියෙන ලිවිය හැක

Sinhala Tamil IMI 

හරි නම වගේම වැදගත් කොටසක් තමා ඊලගට තියෙන්නෙ. ඒ තමා Address එක. ඔයාලගෙ බ්ලොග් එකට කියවන අය එන්නෙ මෙන්න මේ හරහා නිසා හොදට හිතල ගොඩක් දිග නැති එකක් දා ගත්තොත් හොදයි. අපි කුමන නම යොදා ගත්තත් අගට .blogspot.com යන්න එන්ව. මොකද අපි හදනෙ Free නෙ. අපිට මෙයට .com .lk වගේ top level domain දා ගන්න පුලුවන් අපි ඒ ගැන ඉදිරි පාඩම් වලදි කතා කරමු.

හොදයි. ඔයාල ඉතින් මේ Address එක දානකොට එක වගේ ඒව 2ක් තියෙන බැරි නිසා Sorry, this blog address is not available. කියල error එකක් එයි සමහර විට.එවිට වෙන domain එකක් try කරල බලන්න. ඔයාල සාර්ථකව බ්ලොග් එකට url එකක් දැම්මනම් This blog address is available ලෙස දිස්වෙයි. ඒට අමතරව නිල් පැහැති හරි ලකුණක් ද දිස්වෙයි.

පසුව ඊට යට තියෙන template යන්නෙන් ඔබට කැමති theme එකක් තෝරා ගන්න. මෙතන නැති template භාවිතා කරන ආකාරය මන් පසුව කියල දෙන්නම් මුල් පියවරක් වශයෙන් මෙහි ඇති එකක් click කර Create Blog! යන button එක click කරන්න.


හොදයි දැන් ඉහත ආකායට ඔබගේ බ්ලොග් එක සෑදී ඇති බව ඔබට පෙනෙනු ඇත. මෙහි View blog යන්නෙන් ඔබට ඔබගේ නව බ්ලොග් අඩවිය නැරඹිය හැක.

ඉතින් යාලුවනේ අද මන් දෙවැනි පාඩමින් කියල දුන්නෙ බ්ලොග් එකක් create කරන තැනට විතරයි. මන් බලාපොරොත්තුවනව මීට වඩා ගොඩක් ඉදිරියට මේ පාඩම් මාලාව කියල දීල ශ්‍රීලංකාවේ බ්ලොග් කලාව මීට වඩා තැනකට ගේන්න. එහෙනම් ඊලග පාඩමින් අපි තවත් පියවරක් තියමු.ඕනෑම ගැටලුවක් comment එකකින් හෝ අපේ Facebook පිටුව හරහා විමසන්න.


 හසිත චන්දිමාල්

 Like එකක් දලා යන්න අමතක කරන්න එපා යාළුවනේ

0 comments:

Post a Comment