Monday, December 8, 2014

සිංහල බ්ලොග් එකක් හදමු 01 - හසියාගේ ලෝකය

සිංහල බ්ලොග් කරනය මුල සිට අගට - 01 කොටස 

ඉතින් යාලුවනේ අද ඉදන් හසීගේ ලෝකය ඔස්සේ අලුත් සිංහල පාඩම් මාලාවක් ගෙන එන්න සූදානම්. ඔයාල ඉතින් මාව දන්නවනේ මන් තමා මේ බ්ලොග් එකේ ඇඩ්මින්. ඉතින් මන්ම මේ පාඩම් මාලාව ගෙන එන්න හිතුව. සිංහලෙන් බ්ලොග් එකක් කරන්න ගොඩක් අය ආස උනත් ඒ ගැන දන් නෑ. දැනගත්තත් හරියට දන් නෑ. අන්න ඒ නිසා මන් හිතුව බ්ලොග් අඩවියක් ආරම්භ කරල පවත්වාගෙන යන ආකාරය මුල සිට සරල සිංහලෙන් ඔයාලට කියල දෙන්න.

මුලින්ම කියන්න ඕනෙ දෙයක් තියනව ගොඩක් අය හිතන් ඉන්නව බ්ලොග් එකක් කරන්න සෑහෙන මුදලක් ඕනෙ කියල. එහෙම නෑ යලුවනේ බ්ලොග් එකක් පටන් ගන්න අපිට නොමිලේම පුලුවන්. අපිට වැයවන්නෙ අපට Internet එන්න වැය වන Data වල මුදල විතරයි. ඉතින් Facebook එකේ YouTube එකේ ඔයාල ගත කරන වෙලාවෙන් පොඩි වෙලාවක් වෙන් කරල ඔයාලටත් හොද බ්ලොග් අඩවියක් කරගෙන යන්න පුලුවන්.

ඉතින් ඔයාලට බ්ලොග් එකක් කරගෙන යන්න පුලුවන් පැති ගොඩක් තියන්ව. ඒ කිවුවෙ ඔයාල දන්න කියන ඕනෙ දෙයක් වෙනුවෙන් ඔයාලට බ්ලොග් එකක් පටන් ගන්න පුලුවන්. 

උදා :
නිර්මාණශීලි                             ගොසිප්
පර්යේක්ෂණාත්ම                     බ්ලොග්
විවරණශීලි                               බ්ලොග්
තාක්ෂණික                               බ්ලොග්
අධ්‍යාපනික                               බ්ලොග්
ආත්ම,කථනය,පුද්ගලික           බ්ලොග්
සාහිත්‍යමය                               බ්ලොග්
කාන්තා                                   බ්ලොග්
 
ඡායාරූපකරණය

එකී නොකී  ඕනෙම දෙයක් සම්බන්ධයෙන් බ්ලොග් එකක් කරගෙන යන්න පුලුවන්. අපි කතා කරන්නෙ සිංහල බ්ලොග් කරනය ගැන නිසා අපේ බ්ලොග් එකක 80% කට වඩා සිංහල භාශාවෙන් තියෙන්න ඕනෙ. ඒක නියමයක් නොවුනත් ඒක එහෙම වෙන්න ඕනෙ.බයවෙන්න එපා සිංහල Type කරන්න ක්‍රමත් මන් කියල දෙනව (Unicode).

අද පලවෙනි කොටස නිසා ගොඩක් හැදින්වීමක් වගේ තමා යන්නෙ. ඉතින් අපිට බ්ලොග් එකක් කරගෙන යන්න නොමිලේ සේවා සපයන්නෙක් ඕනෙ වෙන්ව. ජනප්‍රියම බ්ලොග් සේවා සපයන්නන් තමා Blogger හා WordPress කියන්නෙ. මීට අමතරවත් තව ඔනෑ තරම් බ්ලොග් සේවා සපයන්නන් ඉන්නව. ඉතින් අපි මේ පාඩම් මාලාව සදහා යොදාගන්නෙ Blogger කියන අති දැවැන්ත Google ආයතනයේ සේවාවයි.

අපිට මේ සඳහා උවමනා වෙන්නෙ Google Account එකක්. කොයි කාටත් Email එකක් තියන්ව නේ.ඉතින් අපේ රටේ ගොඩක්ම භාවිතා වන්නෙ Gmail නිසා ඔයාලට මේකෙන්ම මේ වැඩේ කරගන්න පුලුවන්. ඔයාලට අලුතින්ම වැඩේ පටන් ගන්න ඕනෙනම් මේ පහත link එකෙන් ගිහින් Google Account එකක් හදා ගන්න. (Create new account ගිහින් හදන්න)


පටන් ගන්න බ්ලොග් එකේ නමින්ම Google Account එකක් හදා ගන්න එක හොදයි කෝකටත්. ඉතින් හොදට කල්පනා කරල බ්ලොග් එකට නමක් එහෙම හදා ගෙන වැඩේ සැලසුම් කරගෙන ඉන්න දෙවැනි පාඩම ඉතාමත් ඉක්මනින් මන් දානව මේක හැදින්වීමක් නිසා. ඕනෑම ගැටලුවක් comment එකකින් හෝ අපේ Facebook පිටුව හරහා විමසන්න.



 හසිත චන්දිමාල්
Like එකක් දලා යන්න අමතක කරන්න එපා යාලුවනේ

0 comments:

Post a Comment