This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Sunday, February 15, 2015

ජලය ගැන ඔබ නොදත් කරුණු - හසියාගේ ලෝකය

ජලය ගැන ඔබ නොදත් කරුණු

  •     වැඩුනු මිනිසෙකුගේ ශරීර ස්කන්ධයෙන් දළ වශයෙන් 70% ක් පමණ ජලය වේ.
  •        උපතේදී බිලිඳෙකුගේ ශරීර ස්කන්ධයෙන් 80%ක් පමණ ජලය අඩ්ංගු වේ.
  •   .     සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට දිනකට ජලය ගැලුම් 3ක් (කෝප්ප 48) පමණ පානය කල හැක.
  •        ජලය බොහෝ ප්‍රමාණයක් එකවර පානය කිරීමෙන් මත්ගතිය ඉක්මනින්ම නැති කල හැකිය.
  •         සාමාන්‍යයෙන් ජලය අඬු කෝප්ප 8ක් පමණ දිනකට පානය කල යුතුය.
  •        පෘථීවියේ පිටතින් ඇති ජල තලයට වඩා වැඩි ප්‍රමාණයක් ජලය පෘථිවි අභ්‍යන්තරයේ ඇත.


  •    පෘථිවියෙන් 75% ක් පමණ ජලයෙන් වැසී ඇත.
  •     පෘථීවියේ  ඇති ජලයේ පරිමාව කියුබික් සැතැප්ම මිලියන 326 ක් පමණ වේ.
  •     ජලය හා සම්බන්ධ ලෙඩ රෝග වලින් වසරකට ලොකයේ මිලියන 3.4ක පමණ පිරිසක් මිය යයි.
  •   සාමාන්‍ය වශයෙන් ආසියාවේ හා අප්‍රිකාවේ සමහර මිනිසුන් වතුර ලබාගැනීම සඳහා කිලෝමීටර 6ක් පමණ ඇවිදිති.


  •   ලොව පුරා ඇති වැසිකිලි සාමාන්‍යයෙන් ලීටර 5ක් පමණ ජලය එක් flush කිරීමකට භාවිතා කරයි :D
  •   ඔබගේ අස්ථි වල 31%ක් ජලය ඇත.
  •   පෘථිවියේ ඇති ජලයෙන් බීමට ගත හැක්කේ 1% ක් පමණි.
  •   සීතල ජලයට වඩා උණුසුම් ජලය බරින් වැඩි වේ.
  •   පිරිසිදු බීමට ගත හැකි ජලයෙන් 90% ක් ම ඇත්තේ ඇන්ටාක්ටිකාවේය.
  •   ලෝකයේ නිවසේදී භාවිතයට ගන්නා ජලයෙන් 2/3 ක්ම භාවිතයට ගන්නේ නාන කාමරයේදීය.


  •   ජල ගෝලය පෘථිවියේ ස්කන්ධයෙන් 0.07% ක් පමණක් වේ.
  •   ලෝකයේ ඇති නොමිදුනු නැවුම් පානීය ජලයෙන් 20% ක් ම අඩංගු වන්නේ රුසියාවේ බයිකල් විලේය.
  •   පානීය ජල බෝතල් වල ඇති කල් ඉකුත් වීමේ දිනය අදාල වන්නේ එහි ඇති ජලයට නොව බෝතලය සඳහාය.

  

හසිත චන්දිමාල්


Monday, December 29, 2014

ලෝකයේ පුංචි සල්ලිකාරයෝ - හසියාගේ ලෝකය

ලෝකයේ සල්ලිකාර සෙල්ලක්කාරයෝ


(Srilankamirror)සෙල්ලක්කාර වයසේදී සල්ලි හොයන ඒකට වඩා තියෙන්නේ සාල්ලි නාස්ති කරන එකඅම්ම තාත්තා හරිහම්බකරපු දේවල් නසන සෙල්ලක්කාර පුත්තු ගැන ඔන තරම් කතා තියෙනවාඒත් ඇටෙන් පොත්තේ එලියට ආපුගමන්  සල්ලි හම්බකරල ප්‍රකෝටිපතියන් වුනු  කෙල්ලො කොල්ලො ගැන අහන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්


 01.ඒ අතරින් ජස්ටින් බීබර් කියන්නේ  ලෝකේ අංක එකට  ඉන්න සල්ලිකාර සෙල්ලක්කාරයාතවම වයස 17යි. ඔහු අද ලෝකයේ ඉන්න ජනප්රියතම ගායකයෙක් කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න දෙයක් නෑඔහුගේ never  කියන ගීත ඇල්බමය ඇමරිකානු ගීත අලෙවියේ වර්තාවක් පිහිටවූවක්. එහි පිටපත් අලෙවියෙන් ලත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 37 ඉක්මවා ගියේ ඉතා කෙටි කලකින්.මේ වන විට ජස්ටින් බීබර්ගේ වත්කම ඩොලර් මිලියන 53 ක්.



02.1992නොවැම්බරයේදී උපන් මයිලි සයිරස් ජස්ටින් බීබර්ගේ තරගකාරී ගායිකාව ලෙස හඳුන්වන්න පුළුවන්. නිළියක, ගීත පද රචකයෙක්, නර්තන ශිල්පිනියක හා සංගීතඥවරියක ද වන මයිලි පසුගිය වසරේදී ලෝකයේ ධනවත් සෙල්ලක්කරයන්ගේ ලැයිස්තුවේ හිටියේ අංක එකට. අද ඇගේ වත්කම ඩොලර් මිලියන 48 ක් වෙනවා.. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ ‘Hannah Montana’ රූපවාහිනි කතාමාලාව ඔස්සේය.


03.නික් ජෝනාස්ට තවම අවුරුදු 19 යිසංගීතඥයෙක්,ගීත පදරචකයෙක්, නළුවෙක් මෙන්ම ගායකයකු වන නික් මේ සියළු ශිල්පයන්  පෙන්වා මේ වනවිට ඩොලර් මිලියන 12.5 ක් උපයාගෙන තිබෙනවා.ඔහුගේ සහොදරයා සමග එක් ව ගීගැයීම නිසා ජෝනා ස්බ්‍රදර්ස් නමින් ඔවුන් වඩාත් ප්‍රසිද්ධය. ඔහුගේ දේමාපියන් ද සංගීතඥයන්.  


04.  සුප්‍රසිද්ධ Twilight චිත්රපට කතාමාලාවේ ජේකොබ් බ්ලැක් (19) ලෙස රඟන ජනප්‍රිය නළුවකු
වන ටේලර් ලෝට්නර්  සල්ලිකාර  ලැයිස්තුවේ හතරවන තැනට පත්වුනේ  Twilight කතාමාලාවෙන් ලත් ආදායම නිසාමය.


මේ වන විට ඩොලර් මිලියන 8.5 ක වත්කම් ඔහු සතුයි. නළුකමට අමතරව නිරූපන ශිල්පියකු ලෙසද කටයුතුකරන ඔහු දක්ෂ කරාටේ සටන් ශිල්පියෙකු ද වෙනවා .2010 වසරේ වඩාත් ම ලිංගික ආකර්ෂණයක් සහිත හොලිවුඩ් නළුවන් පනස් දෙනා අතරටත් ඔහු තේරී පත් වුණා. හොලිවුඩ් පුරයේ වැඩිම මුදලක් අයකරන යොවුන් චිත්‍රපට නළුවා වන්නේ ද ටේලර්ය.




05.  ලොකයේ රූපවාහිනී නාට්‍ය නිර්මණයක් සඳහා වැඩිම මුදලක් අයකර ළමා නළුවෙක් වේ නම් ඒ ඇංගස්ටර් නර්ජෝන්ස්ය. අමෙරිකාවේ අතිශය ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන කොටස් 26 කින් යුත්  Two and half men කතාමාලාව වෙනුවෙන් එක් කොටසක රංගනය සඳහා  ඩොලර් 30,000ක් ඇංගස් අයකරයි.
මේ වනවිට වයස 17 ක් වන ඔහු  රංගන ශිල්පියකු ලෙස කරලියට එන්නේ වයස අවුරුදු පහේදීයඔහු මේ වනවිට රංගනය උදෙසා සම්මන රාශියක් ද දිනාගෙන තිබෙන  දක්ෂයෙකි. ඔහුගේ මුළු වත්කම ඩොලර් මිලියන 7.8 ක්වේ.







06.සිනමා හා රූපවාහිනී නිර්මාන රාශියකට රංගනයෙන් දායකවූ සෙලීනා ගොමස් ගයිකාවක ලෙස ද අතිශය ජනප්‍රියයයුනෙස්කෝ ආයතනයට සම්බන්ධව මානුශීය ව්‍යපෘති ගනනාවකට ද සහභාගීවන සෙලීනා වඩාත් ජනප්‍රි වූයේ ජස්ටින් බීබර් සමග වන ආදර පලහිලව්ව හෙතුවෙනි. මේ වනවිට 19 හැවිරි දි ඇය ඩොලර් මිලියන 5.5 ක වත්කම් ඇත්තියකි.



07. වත්මන් අමෙරිකාවේ ජනප්‍රි නළු විල් ස්මිත් ගේ පුත්‍රයා වන ජේඩන් ස්මිත් තවමත් වයස අවුරුදු 13 ක කොලු ගැටයකු වූවද ඔහු උපයාගෙන තිබෙන වත්කම් ඩොලර් මිලියන 5 ක් වී තිබේ. චිත්‍රපට විශාල ගණනකට රංගනයෙන් දායකවී ඇති ජේඩන් ජනප්රියරැප්  ගායකයකු ද වේ. The Karate Kid ඔහු රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රි සිනමා සිත්තමකි. ජස්ටින් බීබර්ගේ never say never ගීතය සඳහා දරැපර් කෙනෙකු ලෙස ඔහු දායකවී තිබේ.













08.ජේඩන් ස්මිත්ගේ දස හැවිරිදි සහෝදරිය ද අයියා පසුපසම යමින් මේ වන විට ඩොලර් මිලියන 04  සල්ලිකාරියක වී තිබේ. විලෝ ස්මිත් නම් ඈ සම්මානයට පාත්‍ර වූ සිනමා හා රූපවාහිනී ළමා නිළියක මෙන්ම ගායිකාවකි . .I am legend  ඈ සම්මානයට පාත්‍ර වූ ජනප්‍රිතම චිත්‍රපටයක්.





09.ඩකෝටා ෆැනින් ගේ 18 වන උපන් දිනයයෙදීතිබුණේපසු ගිය පෙබරවාරි මාසයේඇයගේ රංගන ජීවිතය  පටන් ගන්නේ 1999 දීඒ කියන්නේ  වයස අවුරුදු පහෙදී. රූපවාහිනී නාට්‍ය නිර්මාණ හා චිත්‍රපට විශාල ගනනක් ළමානිළියක ලෙස  දැක් වූ දක්ෂතා වෙනුවෙන් සෑම වසරක් පාසාම හොඳම යොවුන් නිළිය  ලෙස ඇය සම්මානයට පාත්‍රවී තිබෙනවාඇගේ මුල් කාලීන චිත්‍රපටයක් වූ I am sam සඳහා සම්මාන විශාල ප්‍රමාණයක්  හිමිකර ගැනීම ඉන් විශේෂයි. Twilight ඈ රගපෑ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටි මාලාවකි. ඇය  මේ වන විට ඩොලර් මිලියන 4ක වත්කමකට හිමිකම් කියනවා.


 10. ඩකෝටා ෆැන්නින් ගේ සහයට මෙන් ඇගේ පසුපස ඇගේම නැගනිය වන එල්ෆැන්නින් එන්න ගත්තේ වයස අවුරුදු තුනපිරෙන්නත් මාස හතරක් තිබියදී. ඇගේ පළමු චිත්‍රපටය වුණේ තමසහොයුරිය රංගනයෙන් දායක I am Sam චිත්රපටයයි. ඇයත් මේ වන විට සම්මානයට පාත්‍රවෙච්ච නිළියක්. චිත්‍රපට 25 කට පමණ හා රූපවාහිනී නිර්මාණ ගනනාවකට සම්බන්ධ වූ ඇය අද ඩොලර් මිලියන  1.5 ක හිමිකාරියක්. තාමත් වයස 13ක් වූවද  හොඳම සහයනිළියට හිමි ඔස්කාර් සම්මනයට පවා ඇගේ නම නිර්දේශ වුණා. ඒ ඈ රගපෑ ජනප්‍රියතම චිත්‍රපටය වූයේ Supper 8 .  


හසිත චන්දිමාල්








Tuesday, December 23, 2014

Database Administrator කෙනෙක් වෙන්නේ කොහොමද - හසියාගේ ලෝකය

Database Administrator කෙනෙක් වෙන්නේ කොහොමද?

ද අපි හැමදාම වගේ තවත් විශේෂ දෙයක් ගැන කතා කරන්නයි උත්සහ කරන්නේ. මීට පෙර අවස්ථා වලදී ඔබ හදුන ගත්ත Systems Administrator කෙනෙක් කියන්නේ කවුද සහ එම කාරණයට අවශ්‍ය සුදුසුකම් මොනවාද යන පිළිබද. මේ ලිපියදී  අපි අවධානය යෝමු කරනේ Data Base Administrator කියන රැකියාව පිලිමදවයි.

මොහුගෙ මුලික රාජකාරිය වන්නේ data Store කිරීම organize කිරීම සහ database software සමග කටයුතු කිරීමයි. users  ලගේ අවශ්‍යතා හදුනාගෙන එයට අවශ්‍ය test කිරීම් සිදුකර අනතුරුව setup කිරීම සහ විටින් විට අවශ්‍ය modifications සිදු ක්රිමද ඔහු විසින් කල යුතුයි.

බොහෝ databases අන්තර්ජාලය හා සම්බන්ද බැවින් තම network administrator සමග එකතුව නිවැරදි ආරක්ෂක උපාය මාර්ග දීමද කල යුතුයි. මෙහිදී ඔහුට පැවරෙන වගකීම වන්නේ

o    Planning කිරීම ,Coordinating කිරීම සහ නිවැරදි ආරක්ෂක උපාය මාර්ග impliment කිරීම 
o    විශාල Porjects පාලනය කිරීම 
o    Team එකේ Leader කෙනෙක් ලෙස තම වගකීම ඉටු කිරීම 
ඉතා වැදගත් වෙනවා.

Data Base Administrator  
කෙනෙකුට ඉතා හොද ගැටළු විසදීමේ සහ analyse කිරීමේ හැකියාවක් තිබීම අනිවාර්ය වේ.

අනුමත අධාපන සුදුසුකම් පහත පරිදි වේ 

o    Practical experience; ability to demonstrate fundamental computer skills
o    Technical certifications
o    Computer-related Associate's Degree
o    Bachelor's Degree

DataBase Admin
කෙනෙකුට අද හොද රැකියා අවස්ථා බිහිවී ඇත. පවතින ආයතනික අවශ්‍යතා හා සාපේක්ෂව මෙම රැකියා අවස්ථාවන් බහුල සහ සුදුසුකම් සහිත අයවලුන් හට ඉතා හොද වැටුප් තල යටතේ සේවය කිරීමටද අවස්ථා හිමි වේ තිඑබෙන බව ඉතා සතුටින් සදහන් කල හැක.

DataBase
පිළිමද දැනුම ජාල ඉංජිනේරු සහ පද්දති ඉංජිනේරු (Systems & Network Engineer ) යන යටත් අත්යවශ දැනුමකි.
Network ගැන තවත් ඉදිරියට ගොඩාක් දෙවල් ඔයාලට දෙන්න මම බලාපොරොත්තු වෙනවා 

හසිත චන්දිමාල්