This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Monday, December 29, 2014

ලෝකයේ පුංචි සල්ලිකාරයෝ - හසියාගේ ලෝකය

ලෝකයේ සල්ලිකාර සෙල්ලක්කාරයෝ


(Srilankamirror)සෙල්ලක්කාර වයසේදී සල්ලි හොයන ඒකට වඩා තියෙන්නේ සාල්ලි නාස්ති කරන එකඅම්ම තාත්තා හරිහම්බකරපු දේවල් නසන සෙල්ලක්කාර පුත්තු ගැන ඔන තරම් කතා තියෙනවාඒත් ඇටෙන් පොත්තේ එලියට ආපුගමන්  සල්ලි හම්බකරල ප්‍රකෝටිපතියන් වුනු  කෙල්ලො කොල්ලො ගැන අහන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්


 01.ඒ අතරින් ජස්ටින් බීබර් කියන්නේ  ලෝකේ අංක එකට  ඉන්න සල්ලිකාර සෙල්ලක්කාරයාතවම වයස 17යි. ඔහු අද ලෝකයේ ඉන්න ජනප්රියතම ගායකයෙක් කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න දෙයක් නෑඔහුගේ never  කියන ගීත ඇල්බමය ඇමරිකානු ගීත අලෙවියේ වර්තාවක් පිහිටවූවක්. එහි පිටපත් අලෙවියෙන් ලත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 37 ඉක්මවා ගියේ ඉතා කෙටි කලකින්.මේ වන විට ජස්ටින් බීබර්ගේ වත්කම ඩොලර් මිලියන 53 ක්.



02.1992නොවැම්බරයේදී උපන් මයිලි සයිරස් ජස්ටින් බීබර්ගේ තරගකාරී ගායිකාව ලෙස හඳුන්වන්න පුළුවන්. නිළියක, ගීත පද රචකයෙක්, නර්තන ශිල්පිනියක හා සංගීතඥවරියක ද වන මයිලි පසුගිය වසරේදී ලෝකයේ ධනවත් සෙල්ලක්කරයන්ගේ ලැයිස්තුවේ හිටියේ අංක එකට. අද ඇගේ වත්කම ඩොලර් මිලියන 48 ක් වෙනවා.. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ ‘Hannah Montana’ රූපවාහිනි කතාමාලාව ඔස්සේය.


03.නික් ජෝනාස්ට තවම අවුරුදු 19 යිසංගීතඥයෙක්,ගීත පදරචකයෙක්, නළුවෙක් මෙන්ම ගායකයකු වන නික් මේ සියළු ශිල්පයන්  පෙන්වා මේ වනවිට ඩොලර් මිලියන 12.5 ක් උපයාගෙන තිබෙනවා.ඔහුගේ සහොදරයා සමග එක් ව ගීගැයීම නිසා ජෝනා ස්බ්‍රදර්ස් නමින් ඔවුන් වඩාත් ප්‍රසිද්ධය. ඔහුගේ දේමාපියන් ද සංගීතඥයන්.  


04.  සුප්‍රසිද්ධ Twilight චිත්රපට කතාමාලාවේ ජේකොබ් බ්ලැක් (19) ලෙස රඟන ජනප්‍රිය නළුවකු
වන ටේලර් ලෝට්නර්  සල්ලිකාර  ලැයිස්තුවේ හතරවන තැනට පත්වුනේ  Twilight කතාමාලාවෙන් ලත් ආදායම නිසාමය.


මේ වන විට ඩොලර් මිලියන 8.5 ක වත්කම් ඔහු සතුයි. නළුකමට අමතරව නිරූපන ශිල්පියකු ලෙසද කටයුතුකරන ඔහු දක්ෂ කරාටේ සටන් ශිල්පියෙකු ද වෙනවා .2010 වසරේ වඩාත් ම ලිංගික ආකර්ෂණයක් සහිත හොලිවුඩ් නළුවන් පනස් දෙනා අතරටත් ඔහු තේරී පත් වුණා. හොලිවුඩ් පුරයේ වැඩිම මුදලක් අයකරන යොවුන් චිත්‍රපට නළුවා වන්නේ ද ටේලර්ය.




05.  ලොකයේ රූපවාහිනී නාට්‍ය නිර්මණයක් සඳහා වැඩිම මුදලක් අයකර ළමා නළුවෙක් වේ නම් ඒ ඇංගස්ටර් නර්ජෝන්ස්ය. අමෙරිකාවේ අතිශය ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන කොටස් 26 කින් යුත්  Two and half men කතාමාලාව වෙනුවෙන් එක් කොටසක රංගනය සඳහා  ඩොලර් 30,000ක් ඇංගස් අයකරයි.
මේ වනවිට වයස 17 ක් වන ඔහු  රංගන ශිල්පියකු ලෙස කරලියට එන්නේ වයස අවුරුදු පහේදීයඔහු මේ වනවිට රංගනය උදෙසා සම්මන රාශියක් ද දිනාගෙන තිබෙන  දක්ෂයෙකි. ඔහුගේ මුළු වත්කම ඩොලර් මිලියන 7.8 ක්වේ.







06.සිනමා හා රූපවාහිනී නිර්මාන රාශියකට රංගනයෙන් දායකවූ සෙලීනා ගොමස් ගයිකාවක ලෙස ද අතිශය ජනප්‍රියයයුනෙස්කෝ ආයතනයට සම්බන්ධව මානුශීය ව්‍යපෘති ගනනාවකට ද සහභාගීවන සෙලීනා වඩාත් ජනප්‍රි වූයේ ජස්ටින් බීබර් සමග වන ආදර පලහිලව්ව හෙතුවෙනි. මේ වනවිට 19 හැවිරි දි ඇය ඩොලර් මිලියන 5.5 ක වත්කම් ඇත්තියකි.



07. වත්මන් අමෙරිකාවේ ජනප්‍රි නළු විල් ස්මිත් ගේ පුත්‍රයා වන ජේඩන් ස්මිත් තවමත් වයස අවුරුදු 13 ක කොලු ගැටයකු වූවද ඔහු උපයාගෙන තිබෙන වත්කම් ඩොලර් මිලියන 5 ක් වී තිබේ. චිත්‍රපට විශාල ගණනකට රංගනයෙන් දායකවී ඇති ජේඩන් ජනප්රියරැප්  ගායකයකු ද වේ. The Karate Kid ඔහු රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රි සිනමා සිත්තමකි. ජස්ටින් බීබර්ගේ never say never ගීතය සඳහා දරැපර් කෙනෙකු ලෙස ඔහු දායකවී තිබේ.













08.ජේඩන් ස්මිත්ගේ දස හැවිරිදි සහෝදරිය ද අයියා පසුපසම යමින් මේ වන විට ඩොලර් මිලියන 04  සල්ලිකාරියක වී තිබේ. විලෝ ස්මිත් නම් ඈ සම්මානයට පාත්‍ර වූ සිනමා හා රූපවාහිනී ළමා නිළියක මෙන්ම ගායිකාවකි . .I am legend  ඈ සම්මානයට පාත්‍ර වූ ජනප්‍රිතම චිත්‍රපටයක්.





09.ඩකෝටා ෆැනින් ගේ 18 වන උපන් දිනයයෙදීතිබුණේපසු ගිය පෙබරවාරි මාසයේඇයගේ රංගන ජීවිතය  පටන් ගන්නේ 1999 දීඒ කියන්නේ  වයස අවුරුදු පහෙදී. රූපවාහිනී නාට්‍ය නිර්මාණ හා චිත්‍රපට විශාල ගනනක් ළමානිළියක ලෙස  දැක් වූ දක්ෂතා වෙනුවෙන් සෑම වසරක් පාසාම හොඳම යොවුන් නිළිය  ලෙස ඇය සම්මානයට පාත්‍රවී තිබෙනවාඇගේ මුල් කාලීන චිත්‍රපටයක් වූ I am sam සඳහා සම්මාන විශාල ප්‍රමාණයක්  හිමිකර ගැනීම ඉන් විශේෂයි. Twilight ඈ රගපෑ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටි මාලාවකි. ඇය  මේ වන විට ඩොලර් මිලියන 4ක වත්කමකට හිමිකම් කියනවා.


 10. ඩකෝටා ෆැන්නින් ගේ සහයට මෙන් ඇගේ පසුපස ඇගේම නැගනිය වන එල්ෆැන්නින් එන්න ගත්තේ වයස අවුරුදු තුනපිරෙන්නත් මාස හතරක් තිබියදී. ඇගේ පළමු චිත්‍රපටය වුණේ තමසහොයුරිය රංගනයෙන් දායක I am Sam චිත්රපටයයි. ඇයත් මේ වන විට සම්මානයට පාත්‍රවෙච්ච නිළියක්. චිත්‍රපට 25 කට පමණ හා රූපවාහිනී නිර්මාණ ගනනාවකට සම්බන්ධ වූ ඇය අද ඩොලර් මිලියන  1.5 ක හිමිකාරියක්. තාමත් වයස 13ක් වූවද  හොඳම සහයනිළියට හිමි ඔස්කාර් සම්මනයට පවා ඇගේ නම නිර්දේශ වුණා. ඒ ඈ රගපෑ ජනප්‍රියතම චිත්‍රපටය වූයේ Supper 8 .  


හසිත චන්දිමාල්








Tuesday, December 23, 2014

Database Administrator කෙනෙක් වෙන්නේ කොහොමද - හසියාගේ ලෝකය

Database Administrator කෙනෙක් වෙන්නේ කොහොමද?

ද අපි හැමදාම වගේ තවත් විශේෂ දෙයක් ගැන කතා කරන්නයි උත්සහ කරන්නේ. මීට පෙර අවස්ථා වලදී ඔබ හදුන ගත්ත Systems Administrator කෙනෙක් කියන්නේ කවුද සහ එම කාරණයට අවශ්‍ය සුදුසුකම් මොනවාද යන පිළිබද. මේ ලිපියදී  අපි අවධානය යෝමු කරනේ Data Base Administrator කියන රැකියාව පිලිමදවයි.

මොහුගෙ මුලික රාජකාරිය වන්නේ data Store කිරීම organize කිරීම සහ database software සමග කටයුතු කිරීමයි. users  ලගේ අවශ්‍යතා හදුනාගෙන එයට අවශ්‍ය test කිරීම් සිදුකර අනතුරුව setup කිරීම සහ විටින් විට අවශ්‍ය modifications සිදු ක්රිමද ඔහු විසින් කල යුතුයි.

බොහෝ databases අන්තර්ජාලය හා සම්බන්ද බැවින් තම network administrator සමග එකතුව නිවැරදි ආරක්ෂක උපාය මාර්ග දීමද කල යුතුයි. මෙහිදී ඔහුට පැවරෙන වගකීම වන්නේ

o    Planning කිරීම ,Coordinating කිරීම සහ නිවැරදි ආරක්ෂක උපාය මාර්ග impliment කිරීම 
o    විශාල Porjects පාලනය කිරීම 
o    Team එකේ Leader කෙනෙක් ලෙස තම වගකීම ඉටු කිරීම 
ඉතා වැදගත් වෙනවා.

Data Base Administrator  
කෙනෙකුට ඉතා හොද ගැටළු විසදීමේ සහ analyse කිරීමේ හැකියාවක් තිබීම අනිවාර්ය වේ.

අනුමත අධාපන සුදුසුකම් පහත පරිදි වේ 

o    Practical experience; ability to demonstrate fundamental computer skills
o    Technical certifications
o    Computer-related Associate's Degree
o    Bachelor's Degree

DataBase Admin
කෙනෙකුට අද හොද රැකියා අවස්ථා බිහිවී ඇත. පවතින ආයතනික අවශ්‍යතා හා සාපේක්ෂව මෙම රැකියා අවස්ථාවන් බහුල සහ සුදුසුකම් සහිත අයවලුන් හට ඉතා හොද වැටුප් තල යටතේ සේවය කිරීමටද අවස්ථා හිමි වේ තිඑබෙන බව ඉතා සතුටින් සදහන් කල හැක.

DataBase
පිළිමද දැනුම ජාල ඉංජිනේරු සහ පද්දති ඉංජිනේරු (Systems & Network Engineer ) යන යටත් අත්යවශ දැනුමකි.
Network ගැන තවත් ඉදිරියට ගොඩාක් දෙවල් ඔයාලට දෙන්න මම බලාපොරොත්තු වෙනවා 

හසිත චන්දිමාල්




Friday, December 19, 2014

Computers දෙකක් පහසුවෙන්ම Network කරන්න - හසියාගේ ලෝකය

Computers දෙකක් පහසුවෙන්ම Network කරන්න


මම අද කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක්, නමුත් මේක නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙනව. සමහර අය කල්පනා කරන්න ඇතිනෙ කොහොමද ගොඩක් ලොකු Capacity එකක් තියෙන file එකක් Lap එකට හෝ Computer එකට copy කර ගන්නෙ කියල. ඒකට නම් දැන් වෙනකොට ගොඩක් දේවල් තියෙනව. ලොකු Capacity pen drive,  External hard disk වගේ දේවල්. ඒක නිසා හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් තමයි මේක. අපිට පුලුවන් හරිම පහසුවෙන් computers දෙකක් Network කරන්න මේකට අවශ් වෙන්නෙ rj45 cable එකක් සහ  network card එක නියමාකාරව වැඩ කරන computers දෙකක් පමණයි. rj45 cable එක රුපියල් 100ක් වගේ ගානකට ගන්න පුලුවන්.මෙම ක්රමයට Routers භාවිතා කරන්න අවශ්‍ය වෙන්න නෑ. Computer දෙකේ Network Port දෙකට මෙම rj45 cable එක කෙලින්ම සම්බන්ධ කරන්න.




මේ තියෙන්නෙ rj45 cable එක.
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි මම පියවරෙන් පියවර කියල දෙන්නම්.
 Windows 7 භාවිතාකරන අය සදහා. එක පරිඝනකයක් සඳහා.
1. Start >> Control Panel >> Network and Sharing Center.
2. Change Adapter Settings click කරන්න.
3. Local Area Connection >> Right Click >> Properties.
4. Internet Protocol Version 4(TCP/IPv4). >> Select කරල >> Properties.
5. Select කරන්න Use the Following IP Address කියල තියෙන එක.
6. IP Address: කියල තියෙන තැනට 192.168.1.1 ලෙස Type කරන්න.
7. Subnet Mask: කියල තියෙන තැනට 255.255.255.0 ලෙස Type කරන්න.
8. Default Gateway: කියල තියෙන තැනට 192.168.1.2 ලෙස Type කරන්න.

 පහලින් තිබෙන photo එක බලන්න. 



 අනෙක් පරිඝනකය සඳහා.


1. Start >> Control Panel >> Network and Sharing Center.
 2. Change Adapter Settings click කරන්න.
3. Local Area Connection >> Right Click >> Properties.
4. Internet Protocol Version 4(TCP/IPv4). >> Select කරල >> Properties.
5. Select කරන්න Use the Following IP Address කියල තියෙන එක.
6. IP Address: කියල තියෙන තැනට 192.168.1.2 ලෙස Type කරන්න.
7. Subnet Mask: කියල තියෙන තැනට 255.255.255.0 ලෙස Type කරන්න.
8. Default Gateway: කියල තියෙන තැනට 192.168.1.1 ලෙස Type කරන්න.

පහලින් තිබෙන photo එක බලන්න.

දැන් සැකසුම් සියල්ල නිවරදිද කියා බලා ගැනීම සඳහා Start >> cmd ලෙස Type කර Enter ඔබන්න.
ඊලගට එන Command Prompt එකේ ping 192.168.1.1 යනුවෙන් Type කර Enter ඔබන්න. එවිට පහත ආකාරයට පිළිතුරු ලෙස ලැබේනම් ඔබගේ සැකසුම් සාර්ථකව සැකසී ඇත.


දැන් share කිරීමට අවශ් දේවල් පහල මම කරල තියෙන ආකාරයට share කරන්න.
අවශ්‍ය folder එක Right click කරන්න.  



2.  Everyone select කර add කර Share Button එක Click කරන්න.  


My Computer open කරපසු network වල ඔයාලට දැක් ගන්න පුලුවන් වෙනව network වුන computers දෙක. එහිදී click කර පසු අනිත් computer එකේ නම click කර පසු   ප්රශ්නයක් නැතුව ඔපෙන් වෙනව නම් ඔබට ඕනෙම දෙයක් share කරන්න පුලුවන්.
නැත්නම් මේ ආකාරයට ආවොත් ඔයාලට පොඩි වැඩක් කරන්න තියෙනව.

දැන් HomeGroup එකක් සැකසීමට අවශ් වෙනව. එක computer එකක  Control Panel ගිහින් HomeGroup select කර පසු පහල ආකරයේ Window එකක් දැක ගන්න පුලුවන් එහි Create a Homegroup click කරන්න. 


ඉන්පසු එන window එකේ ඔබට share කිරීමට අවශ් ඒව select කරන්න. Next button එක click කරන්න. ඊට පසු එන window එකේ ඔබගේ password එක දිස්වේ. එය මතක තබා ගැනීමට අවශ් වන්නේම නැත. අවශ් නම් එය වෙනස් කර ගනීමට හැක.  එයට View Homegroup settings click කරන්න. එහිදී ඔබට password එක වෙනස් කර ගත හැකිය.

දැන් අනෙත් computer එකෙත් Control Panel ගිහින් Homegroup select කරන්න එතකොට join now යනුවෙන් දැක ගන්න පුලුවන්. කලින් හදපු ආකාරයටම මේකත් හදන්න.
 ඊට පස්සෙ Control Panel >>Network and Sharing Center>>Advanced sharing settings යන්න එහි සැකසුම් මේ ආකාරයට තිබේ නම් හරි.

 දැන් වැඩේ ඉවරයි යාළුවනේ 
Like එකක් දලා යන්න අමතක කරන්න එපා
හසිත චන්දිමාල්