Monday, December 8, 2014

සිංහල බ්ලොග් එකක් හදමු 03 - හසියාගේ ලෝකය

සිංහල බ්ලොග් කරනය මුල සිට අගට - 03 කොටස

ඔන්න යාළුවනේ අදත් ආව මන් බ්ලොග් පාඩම් මාලාවේ තුන්වන කොටසත් අරගෙන.  මන්ම මේ පාඩම කරගෙන යන නිසා ඉක්මනට ලබා දෙනව මොකද මේ මාසෙන් පස්සෙ මන් ටිකක් කාර්යබහුල වෙයි. ඒකයි. බයවෙන්න එපා මන් හසියාගේ ලෝකය අත අරින් නෑ.  හරි හරි ඒව ඔයාලට අදාල නෑනෙ නේ. වෙනද වගේම කතා නැතුව වැඩේට බහිමු.

හොදයි ගියපාර කොටසින් අපි බ්ලොග් එකක් හදල ඉවර කරානෙ, ඉතින් අපි මේක මෙතනින් නවත්තන් නැතුව බ්ලොග් කලාව සම්පූර්ණයෙන් කතා කරමු නේද? කවුරුත් මේ වගේ පාඩම් මාලාවක් කවුරුත් කියල දීල නෑ මන් දන්න තරමින්. විශේෂයෙන්ම සිංහලෙන්. අද අපි කතා කරන්නෙ බ්ලොග් එකක පෝස්ට්  එකක් එනම් අලුත් ලිපියක් ලියා පල කරන ආකාරයයි.

https://www.blogger.com වලින් Blogger Dashboard එකට අපි ගියාම පේන්නෙ මෙන්න මෙහෙමනේ.



පහුගිය කොටසන් අපි නතර කරේ මෙතනින්නෙ. ඉතින් අපි අලුත් පෝස්ට් එකක් ලියන්න නම් තැබිලි පැහැ පැන්සලක හැඩයක් ඇති Button එකෙන් පුලුවන්. මේ පහල තියන Button එක තිබෙන ඕනෑම තැනකින් ඔබට අලුත් පෝස්ට් එකක් ලියන්න ආරම්භ කරන්න පුලුවන්.


මන් එහෙම කිවුවෙ මේ Button එක තැන් දෙක තුනකම යෙදෙනව Blogger Dashboard එක තුල. ඒ ඔබට ලේසියෙන් බ්ලොග් පෝස්ට් ලිවීමටයි. හොදයි දැන් අපි අලුතින් බ්ලොග් පෝස්ට් එකක් ලියමු නේද? එම Button එක click කරාම ලැබෙන window එක තමා මේ. මන් Image එකේම ඔයාල දැනගන්න ඕනෙ ඒව විස්තර කරන්නම්. රූපය පැහැදිලි නැත්නම් click කර විශාල කරගන්න.


ඉහත රූපයේ දක්වල තියන පැනලය ගැන විස්තර පහත රූපයෙන් විතරල කරල තියනව.රූපය පැහැදිලි නැත්නම් click කර විශාල කරගන්න.

හොදයි එහෙනම් මන් හිතනව අද මන් කියල දුන්න ඒව ඕනෑවටත් වැඩියි හොද බ්ලොග් පෝස්ට් එකක් ලියන්න. අපි ඊලග ලිපියෙන් බලමු

 හසිත චනදිමාල් 
Like දලා යන්න අමතක කරන්න එපා යාළුවනේ


0 comments:

Post a Comment