Tuesday, December 2, 2014

අනාගත ලෝකය - හසියාගේ ලෝකය


අනාගත ලෝකය බුදු නෙතින්

ගෙවී යන මොහොත නම් වර්තමානය යි.එම වර්තමානය එළඹෙන මොහොතේ දී අතීතය යි. වසර කිහිපයක අතීතයක්, මතකයක් ලෙසසනිටුහන්ව අප සතුව ඇත. එය හුදෙක් ආවර්ජනය කළ හැක්කක් විනා කිසිසේත් දැකියහැක්කක් නොවේ. සියල්ල සාපේක්ෂ වූ ලෝකයේ කාලයට මෙන්ම මතකයට ද එය පොදු වූධර්මතාවයකි. අනාගතය යනු අපේක්ෂාවන් හා කල්පිතයන් මතින් ගොඩනැගි, හුදෙක්බලාපොරොත්තුව නොඉක්මවූ අවිනිශ්චිත සිතිවිල්ලකි. මෙකී කාලත‍්‍රය තුළ ධ්‍යානසමාපත්තියෙන් තොර වූ, සතර අපායෙන් නොනිදහස් වූ ඔබේ, අපේ නිම්වළල්ල එතරම්මසීමා සහිත වූවකි. එනමුදු ඉන් ඔබ්බෙහි පර තෙරක් නොවූ අසීමිත ලොව තුළ අතීත, වර්තමාන, අනාගත තුන්කල් පරිපූර්ණව දුටු සේක, දෙසූ සේක ඒ භාග්‍යවතාණෝ…….

අපි මේ ජීවත්වෙන ලෝකය මහා පුදුමාකාරතැනක්. හසරක් නොදැනගත්, නිම්හිම් සැගවගත් දිගු සසරක ඇවිද යන අපිත් කුමක්දෝපිනකට දුර්ලභ මිනිසත් බවයක් ලබාගෙන මේ ලෝකෙ පහල වෙලා. ලෝකය කැරකෙනව…. නොනැවතීම. අනාගතය වර්තමානයට ඇද දමමින්, වර්තමානය අතීතයට තල්ලූ කරමින්.තාක්ෂණයත් හුගාක් දුර ගිහින්. හිත, අහිත දෙපැත්තෙන්ම. නොකළ හැකි දෙයක්නැහැයි කියලත් කියන්නෙ ඔය.
ඒ කාරණාව කොහොම වුනත් විද්‍යාව ලෙස ස්වයංඅර්ථකතන සපයා ගන්නට යෙදුනු මේ දියුණු යැයි සම්මත තාක්ෂණය අතීත, වර්තමාන, අනාගත තුන්කල සබැඳිවම අසරණ වූ, අසමර්ථ වූ, නිරුත්තර වූ වාර ගණන නම්අනන්තයි…. අප‍්‍රමාණයි. ඒ සැමෙකක්ම යළි යළිත් කියා පෑවේ එහි අසම්පූර්ණත්වයමමිසක අනෙකක් නොවන බව බොහොම පැහැදිලි කාරණාවක්. පරිපූර්ණ වූ විද්‍යාවක සේයාමාත‍්‍රයකුදු විද්‍යාමාන කිරීමට අපොහොසත් මේ තාක්ෂණයට නම් ගමන තව බොහෝදුරයි. ලොව පවතින තෙවැදෑරුම් වූ යතාර්ථවාදී විද්‍යාවන් සාක්ෂාත් කොට නැණැතිපිනැතියන් වෙනුවෙන්ම ලොව හමුවේ තැබූ තුන්කල් නුවණින් ලොව දුටු ඒ අසිරිමත්ප‍්‍රඥා මහිමය තුලින් දුටු හෙට දවස පිළිබඳ සිදු කළ හෙළිදරව්ව සැබැවින්මඅත්භූතයි…. ආශ්චර්යයි…. ලොව පවතින සියළු දේ ඇති සැටියෙන්ම දන්නා-දක්නාසුවිශේෂී වූ අසම සම සබ්බඤ්ඤුත ඥාණයන් ද, කාලත‍්‍රයටම අයත් සියළු දෑ ආවරණරහිතව දන්නා-දක්නා අසිරිමත් වූ, ශේෂ්ඨ අනාවරණ ඥාණයන් ද දරා වැඩ සිටීමට තරම්මේ උත්තම මනුෂ්‍යරත්නය භාග්‍යවන්ත වුනා. පුණ්‍යවන්ත වුනා. ඒ පැණවත්, භගවත්පින් මහිමය අමා සදහම් වරුසාවක් වී තුන්ලොව අමා දම් සිසිලෙන් නිවාසනසවාලූව. පුණ්‍ය ගංගාවක් වී අමා පැන් බෙදමින් තුන්ලොව සිසාරා ගලා ගියා.ලොවින් සැගවගත් අතීත, වර්තමාන, අනාගත තතු විවර කරමින්…..
මේ ලෝකයේ ආරම්භය ගැන සොයන්න පරීක්ෂණඇරඹුනේ මීට සියවස් ගණනාවකට කලින්. තවමත් ඒ පරීක්ෂණ පැවැත්වෙනව. හැබැයි ඒවහොයන්න පටන් ගත්ත අය මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා. මිනිසාගේ ආරම්භය ගැනකල්පිත ඉදිරිපත් කරමින් වෙහෙසුනු චාල්ස් ඩාර්වින් හා අනුගාමිකයන් කපා දැමූඉනි ගඟ පුරාමමින් දෙදහස් පන්සිය වසරකට පමණ මත්තෙන් සැවැත් නුවරපූර්වාරාමයේදි දෙසා වදහළන්නට යෙදුන අග්ගඤ්ඤ සූත‍්‍රය මේ අයට අහන්න, කියවන්නලැබුන නම්….. විශ්වයේ අසිරිමත් උපත, මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය, පරිණාමය මේතරම් පැහැදිලිව, නිරවුල්ව සඳහන්ව ඇති විද්‍යා ප‍්‍රබන්ධයක් වත් ඔබට කියවන්නලැබිල තියෙනව ද? යම් කලෙකදී පෘථිවිය ආසන්න වා තලයේ ආලෝක ලෙස ජීවත්වන මේසත්වයන් තෘෂ්ණාව නිසාම ගොරෝසු ශරීර බවට පරිණාමනය වී මෙතක් ආ ගමන සවිස්තරව, නිවැරදිව දැකීමේ දැනීමේ දෙසීමේ ඥාණය  බුදු වරයකු පමණක්ම සතු වන්නක්. මින්අනූ දෙකල්පයකට මත්තෙහි හිඳ ලොව පහල වී වදාළ සත්බුදු වරුන්ගේ විවරණයසැබැවින්ම අසිරි දනවන්නක්. එදා මිනිසුන්ගේ ආයුෂ, දිවි පැවැත්ම, සිතුම්පැතුම් පවා ඉදිරිපත් වන්නේ ඉතා විශ්මිත අයුරින්. ජාතක කතා 550 ක් තුළිනුත්, අතීත කතා දැක්වෙන සූත‍්‍ර-විනය තුළිනුත් යළි යළිත් ප‍්‍රකට වන්නේ ඒඅප‍්‍රමාණ ප‍්‍රඥා මහිමයයි.
අතීතතයෙන් ඇරඹ, වර්තමානය හරහා අපි පියනගන්නේ අනාගතයට. ලෝකයේ ඉදිරි ගමන, අපේ හෙට දවස වගේම මේ යුගයේ බොහොම ප‍්‍රසිද්ධ මාතෘකාවක් වනලෝක විනාශයගැනත් බුදු නුවණින් දැක අප හට වදාරනු ලැබුවා මහා කරුණාවෙන් ම. චක්කවත්තීසීහනාද සූත‍්‍රය කියන්නෙ කාලත‍්‍රය සිසාරා ගිය අති විශිෂ්ඨ දුලභ ඝනයේදේශනාවක්. කල්ප සියයක පමණ අතීතයේ වසර 80,000 ක් පමණ වූ  මිනිසාගේ පරම ආයුෂඅඩුවෙමින් ගොස් එය වසර 10 දක්වා අඩු වන ආකාරයත්, මිනිසාගේ ගුණ දම් පිරිහී, අසද්ධර්මය ඉස්මතු වී, අධර්ම රාගය, විෂම ලෝභය බලවත් වී මෙම ආයු පිරිහීමසිදුවන බවත්, පරම ආයුෂය වසර 10 වන යුගයේ දී එකිනෙකා ගහමරා ගැනීම නිසාසිදුවන අති විශාල මිනිස් සංහාරයක් ගැනත් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ වදාරනුලබනව. වසර 2500 කට කලින් මේ මිහිතලයේ මිනිසකුගේ පරම ආයුෂය අවුරුදු 120ක්.නමුත් අද….. අවුරුදු 70යි 80 යි. මේ විදියට මේ පිරිහීම අවුරුදු 10 දක්වාමයනව. මේ මහා භද‍්‍රකල්පය තුලදීම. ඒ කාලෙ අවුරුදු දහයක් වෙනකොට ඉස්කෝලගිහිල්ල, රස්සාවක් කරල, කසාද බැඳල, ළමයි හදල, ළමයින්ගෙ ළමයිත් බලල, වයසටගිහිල්ල මැරිලත් යනව. ඔක්කොටම තියෙන්නෙ අවුරුදු 10යිඒ වෙනකොට මේ ලෝකෙසද්ධර්මයක් නැහැ. කිසි කෙනෙක් එහෙම දෙයක් ගැන දන්නෙවත් නැහැ. මනුෂ්‍ය ගුණදහම් කියල දෙයක් ඉතිරි වෙලා නැහැ. අධර්මවාදීන්ගේ ග‍්‍රහනයට මුළු ලෝකයම නතුවෙනවා.
මේ විදියටම සොබාදහමත් පිරිහෙනව. මිනිස්ක‍්‍රියාකාරකම් නිසාම. එළවළු, පලතුරු වල රසය නැත්තටම නැති වෙලා යන කලක්ඉදිරියෙදි එනවා. පැලයක් හිටවල ඵලයක් ලබන්න බැරි තරමටම මේ පෘථිවි සාරයඅතුරුදහන් වෙනවා. මිනිස්සුන්ට කටට රහට කෑමක් කන්න බැහැ. කන්න කෑමත් නැහැ.මිනිස්සු බොහොම ඉක්මනට ලෙඩ රෝග වලට ගොදුරු වෙනව. ලූණු ඇඹුල් ඇතුව කෑමක්කන්න බැහැ. තෙල් මිරිස් දාපු කෑමක් කන්න බැහැ. දිරවගන්න බැහැ. කෑවොත් ලෙඩවෙනව. මිනිස්සු හොයන්නෙ කෙඳි සහිත ආහාරෆයිබර්. ඉදිරියෙදි ලෝකයේ ඉතිරි වෙනරසවත්ම ආහාර වෙන්නෙ මේව. නිකමට බලන්න ඔබ අවට ලෝකයෙ මේ ලකුණු පහල වෙලානැද්ද කියල. බලන්න අද වෛද්‍ය වරයෙක් ළගට ගිහිල්ල එයාල නීරෝගී දිවියකට අනුමතකරන්නෙ මොන විදියේ ආහාරද කියල.
මේ සියළු කරුණු කාරණා වලට මූල බීජය වෙන්නෙමිනිසාගේ ආධ්‍යාත්මික පරිහානිය. කරුණාව, දයාව, මෛත‍්‍රිය, අනුකම්පාවමිනිස් හදවත් තුළින් ගිලිහිලා ගියාම ඒ ලෝකය තුළ ධර්මයට ඉඩක් නැහැ. රාගය, ද්වේශය, මෝහය විසින් මුළු මිනිස් සංහතියම වෙලා ගන්නව. බුදුරජාණන් වහන්සේවිසින් මස් වැදැල්ලකට, ඇට කැබැල්ලකට, ගිනි අගුරු ගොඩකට, හුළු අත්තකට, හීනයකට උපමා කළ කාමය ට මේ සමාජය තුළ තියෙන්නෙ කොයිතරම් ඉහළ ඉල්ලූමක් ද…. බලන්න අද රාගය නිසා මිනිස්සු කොයි තරම් අවුල් ජාලයක පැටලිලා ඉන්නවද කියල.ඉදිරියෙදි මේ තත්ත්වය බොහොම දරුණු වෙනවා. රාගයෙන් මුසපත් වන මිනිස් සමාජයබල්ලො බළල්ලූ වගේ හැසිරෙන්න ගන්නව. අම්මල, පුතාල, තාත්තලල, සහෝදර, සහෝදරියො….. කිසිම භේදයක් නැතුව. තැනක් නොතැනක් නැතුව. බලන්න දිනපතාපුවත්පතක් අරගෙන බුදු වදන අසත්‍යයක් ද කියල. අපි හෙට දවසෙදි පිය නඟන ලෝකයමීට සිය දහස් ගුණයකින් දරුණුයි. අපත් එහිම ගොදුරක් විනා, ඉන් මිදී ගත්සුපුන් සඳක් නම් නෙවෙයි…. තවමත්.
පසේනදී කොසොල් රජතුමා දැකපු සිහින 16 ගැනඅපි අහල තියෙනවනෙ…. දැන් බොහොමයක් දෙනාට මතක නැති වුනාට. කොසොල් රජතුමාදැක්කෙ හීනෙ විතරයි. ඒත් ඒ සිහින එකින් එක විවරණය කරන්නට යෙදුන භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරන්නට යෙදුන අනාගත ලෝ තතු සැබැවින්ම විශ්මිතයි. අනාගතරජවරුන්ගේ පිරිහීම, පාලන තන්ත‍්‍රයේ පිරිහීම, නීතියේ වල් වැදීම, එය යටත්වැසියන්ට බලපාන ආකාරය, ඒ තුළින් සමාජයේ ඉහළ යන අපරාධ, ධනය නිසි ලෙස බෙදීනොයාම නිසා ඉහළ යන සොර සතුරු උවදුරු…. අද අපි මේව ප‍්‍රායෝගිකව අත්දකින්නෙනැත් ද? විෂම ලෝභය නිසා අද කොයි තරම් දෙනා දුසිරිතට යොමු වෙලා දහෙට දවසේමෙලොව රැඳුනොත් අපිත් පිය නඟන්නේ මේ රුදුරු, බිහිසුනු ලෝකය තුළටමයි.
මිනිසුන්ගේ ආයුෂ අඩුවන කාලයේ දැඩි සේබලවත් වන විෂම රාගය ගැනත්, එය සිදුවන ආකාරය ගැනත් බුදුරජාණන් වහන්සේ මෙහිදීවිස්තර කරනව. ළමා වයසේ කුඩා ගැහැණු*පිරිමි ළමයි සංවාසයේ යෙදෙනව. දරුවොලැබෙනව ළමා වියේදිම. සියවස් කිහිපයක් ඈතට දිවෙන ලේඛනගත ලෝක ඉතිහාසයේ වයසඅවුරුදු 12ට අඩු මව්වරුන් 35ක් පමණ පිළිබඳ වාර්තා වෙලා තියෙනව. එම අඩු වයස්උපත් 35 අතරින් 23ක්ම සිදුවී තිබෙන්නෙ වසර 2000 – 2010 දක්වා කාලය තුළ.බලන්න ලෝකයේ දියුණුව
නිරන්තරයෙන් හැම දෙයක් ගැනම පරීක්ෂණ සිදුකරන එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර අවුරුදු කීපයක ඉඳල උභතෝකෝටිකයකට මැදිවෙලා. මේක හුගක්ම බලපාල තියෙන්නෙ ළමා වෛද්‍ය වරුන්ට. අම්මල දොස්තරට ඇවිත්කියනව මගේ දුවට තවම අවුරුදු පහයි. ඒත් මේ ළමයගෙ පියයුරු වැඩිල. තවත්පිරිසක් කියනව මගේ දුවට අවුරුදු හතයි. වැඩි වියට පත්වෙලා. දොස්තරල බෙහෙත්දෙන එක පැත්තක තියල මේ ගැන හොයන්න ගත්ත. තාමත් හොයනව. ඒත් හොයාගත්ත කිසිවක්නැහැ. එයාල හොයා ගත්ත එකම දේ තමයි මේක සීඝ‍්‍රයෙන් ඉහළ යන ප‍්‍රවණතාවක්කියල. ඉතින් ඔය දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මීට දෙදහස් පන්සිය වසරකටත්කලින් දාරුක්ඛන්දෝපම සූත‍්‍රයෙදි. ආයුෂ අඩු වෙමින් පිරිහීගෙන යන මිනිසුන්තුළ ඇතිවෙන මූලික ලක්ෂණ මේව.
අනාගත ලොව තුළ අපි දකින සුභ සිහින ගැනදැන් මොකද හිතෙන්නෙ….? මේ සසර ගමන අතිශය බියකරුයි. අපට කොහේ කොතැනක යන්නවේවිදැයි අපි දන්නෙ නැහැ. රැස් කරගන්නට යෙදුනු කළු-සුදු කර්මයන් එය තීරණයකරාවි. නමුත් අපි ඒ වෙනුවෙන් යම් ආයෝජනයක් කළ යුතුයි. සුගති ලෝක අතරින්පහලින්ම තියෙන ලෝකයේ තමයි අපි මේ ඉන්නෙ. මෙතනින් පහල තියෙන්නෙ ඔක්කොමදුකින් අගතියට ගිය දුගති. මේ ලෝකය සුගතියක් වුනත් පිරිහෙන හෙට දවස තුළයහපතට ඉඩක් ඇත්තේම නැහැ. සද්ධර්මය අංශු මාත‍්‍රයකවත් රැකෙන්නෙ නැහැ. හෙටදවසේ ඒ අසත්පුරුෂ ලෝකය තුළ අධර්මවාදීන්ගේ ගොදුරක්ව අසරණව දුගතිගාමී වනවාහැරෙන්නට මිනිස් ලොව තුළ මිනිසාට තියෙන රැකවරණය බිංදුවටත් අඩුයි.
සියළු බුදු වරුන් නිතැතින්ම අගය කළේඅප‍්‍රමාදයේ ගුණමයි. ඉතින් ඒ උතුම් බුද්ධ වචනය අනුව යමින් මෙලොව පරලොවයහපත, ආරක්ෂාව සලසා ගැනීමමයි අප විසින් නොපමාව සිදු කළ යුත්තේ. කවුද දන්නෙඅපි හෙට මැරෙයිද කියලා. මිනිස් ලෝකය පිරිහෙන මේ යුගයෙදි මැරිල ආපහු මෙහෙඑන්න වුනොත් ඒක මහා අවාසනාවක්. මෙතනින් පහලට වැටුනොත් ඊටත් වඩා  අවාසනාවක්.උතුම් ශ‍්‍රී සම්බුද්ධ ශාසනයක් පවතින යුගයක මෙලොව පහල වෙන්න ලැබීමෙන් ලදඅති දුර්ලභ භාග්‍යය අපි වටහා ගන්න  ඕන. ඒ චතුරාර්‍ය සත්‍ය ධර්මය ඒ ආකාරෙන්මදෙසා වදාරණ කළ්‍යාණමිත‍්‍රයන් මුණගැසීමෙන් අප ලද භාග්‍ය අපි වටහා ගන්න  ඕන. මේව අපට හැමදාම, හැම තැනදිම ලැබෙන දේවල් නෙවෙයි. බොහොම සුළු කාලයකට මතුවුන වාසනාවක්, නිධානයක්. මේක වටහා නොගෙන ප‍්‍රමාදයට පත් වුනොත් අපිත් හෙටමේ ලෝකෙ ඉපදිලා තිරිසන්නු වගේ හැසිරේවි. ඇන කොටා ගනීවි. ගහ මරා ගනීවි.ඉරිසියා කරාවි. හොරකම් කරාවි. හිරේ විලංගුවේ වැටේවි. අපා දුක් විඳීවි. ඔබඑයට සූදානම් ද….?

විකල්ප දෙකක් තියෙනවා. අප‍්‍රමාදීව ධර්මයේහැසිරිලා, පින් රැස් කරගෙන, කුසල් වඩලා අපමණ සැප සහිතව සුගතිගාමී වෙන්නපුළුවන්. එහෙම නැති නම් ඔය යන විදියටම මුකුත්ම නොකර ගිහිල්ල පිරිහෙන මනුස්සලෝකයට හෝ එතනින් පහලට යන්නත් පුළුවන්. තීරණය බුද්ධිමත් ඔබ සතුයි….. අප‍්‍රමාදව.

0 comments:

Post a Comment