Wednesday, December 3, 2014

ව්‍යාපාරයක් ආරම්භ කරන්න - හසියාගේ ලෝකය

ඔබත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිතන  අයෙක්ද

ඔබත් නව ව්‍යාපාරයක් අරම්භ කිරීමට සිහින දකිනවාද? නැතිනම් ව්‍යාපාරයක් මුල්ගල් තැබුවාද? නව ව්‍යාපාරයක් උපන්ගෙයිම මියදීමට ඇති හැකියාව ඉතාවැඩි බව ඔබ දන්නවාද? නව තම සමීක්ෂණ දත්ත වාර්තා වලට අනුව නව ව්‍යාපාර වලින් 75% කම පාහේ අසාර්ථක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී. (වසර 2004 සිට 2010 දක්වා නව ව්‍යාපාර2,000ක අරම්භක ප්රාග්ධන ආයෝජන (VC Funding) දත්ත පිරික්සීමෙන්)
නමුත් එය ඔබට අධෛර්යය වියයුතු කරුණක් නොව වඩාත් උනන්දුවෙන් එම 75% කොටසින් මිදී 25% තුලට ඇතුලත් වියයුතු යැයි තරයේ අධිෂ්ඨාන කිරීමට සැලකියයුතු කරුණකිව්‍යාපාරයක් අප අරම්භ කරන ආකාරය අප ඒ පිළිබද උනන්දුව දක්වන ආකාරය මත එහි පැවැත්ම තීරණය වේ. එක් නිෂ්පාදනයක් සහිත ව්‍යාපාරයක් කණ්ඩායමක් වශයෙන් ආරම්භ කිරීම නුවනට හුරුනොවන බව පැවසෙනවා. ඔවුන් එකවරම සියලුම ප්‍රශ්න නිරාකරණය කිරීමට පෙලබෙන්න පුළුවන්. ඒ වගේම සම ආරම්භක සාමාජිකයින් අතර ඇති මතභේද හා පුද්ගලික ගැටුම් ව්‍යාපාරයට අනතුරුදායක තත්වයන් ඇති කරනවා.ව්‍යාපාරයේ දියුණුවට බාධාවක්  වනවා. වෙළඳපොලට ගැලපෙන නිෂ්පාදනය පිලිබද ඔවුන් නොසිතීමට ඉඩ වැඩියිව්‍යාපාරය ඍණාත්මක අවදියක පසුවේ නම් ඔබ ඔබේ ආරම්භක ප්‍රාග්ධනය ඉන් ඉවත් කරගන්නවා වෙනුවට ව්‍යාපාරී ලෝකයේ බොහෝ අසු පිරු තැන ඇති පුද්ගලයින් හමුවී එසේ වීමට හේතු සොයාබලා පිළියම් යෙදීම කලහැකියි. කාලයත් සමග දියුණුවූ ව්‍යාපාරිකයෙක් වීමට ඔබට මෙම උපදෙස් බොහෝ වැදගත් වේවි. අත්දැකීම් නොමැති ව්‍යවසායකයින් ව්‍යාපාර සදහා තිතක් තැබිමට පවා මුල්වන ඉතා පොදු අවස්ථාවන් ගැන ඉතා ප්‍රකට ව්‍යාපාර නිර්මාතෘවරුන්, ආයතන ප්‍රධානීන් හා ආයෝජකයින්ගෙන් ලබාගත් මෙම උපදෙස් ගොන්න ඔබ වැදගත් වේවි.

1. Forgoing Simplicity

නිෂ්පාදනයක් අරම්භකිරීම ගමන් මල්ලක් සැකසීමක් වැනිය. මුලින්ම ඔබට අවශ්‍ය දේ ඔබ සැලසුම්කල යුතුයි . දැන් එයින් අඩක් පමණ තෝරාගෙන එය වඩාත් නිවැරදිව හා සියුම් ව සැලසුම් කරන්න.” — Jonathan Wegener, Founder, Timehop and Exit Strategy
තරුණ ව්‍යවසායකයින් ආරම්භයේදී බොහෝ දේ එකවර සිදුකරන්නට යාමෙන් නොයෙකුත් අපහුතාවලට මුහුණදෙනවා. හවුල් ගිවිසුම් සැකසීමේදීත් මුල්‍යමය හා leasing කටයුතුවල දීත් මෙය ඉතා බහුල වේ. මෙය නිර්මාණශීලී වීමට අවස්ථාවක් ලෙස නොසලකා සාමාන්‍ය පිළිගත් තත්වයට තේ හා අව්‍යාජ විනිවිද පෙනෙන සුළු තීරණ සමඟින් සියලු දෙනාම එකම පරිච්ඡෙදයක සිටින ලෙස තීන්දු තිරණ ගැනීම කල යුතුයි. — Jay Levy, Co-Founder, Zelkova Ventures and Uproot Wines

2. Waiting Too Long to Launch

ඔබගේ නිෂ්පාදනය නිකුත් කිරීමට බොහෝ කල්ගැනීම ඔබ කරන බරපතලම වැරදිවලින් එකක්. බොහෝ විට ඔබ නිපදවන දේ හෝ ඔබේ ව්‍යාපාරය පිළිබඳව ඔබ සිතන අයුරින්ම නිමවීම එතරම් අපහසු නැහැ. නමුත් බොහෝ ව්‍යවසායකයින් ඔවුන් මුලින් සිතන දේට වඩා බොහෝමයක් සංකීර්ණ නිර්මාණයක් ඉදිරිපත් කිරීමට පෙළඹෙනවා. ඒත් ඒ තරම් දෙයක් මුල් නිර්මාණය සඳහා අවශ්‍ය වන්නේ නැහැ. මෙයින් සිදුවන්නේ අනවශ්‍ය පරිදි ඔබේ නිර්මාණය හෝ ව්‍යාපාරය ඇරඹීම සඳහා කාලය ගත වීමයි.
මුලදී ඔබේ නිර්මාණය අපිළිවෙළ වන්නට පුළුවනි. එය Software එකක් හෝ app එකක් නම් bugs කිහිපයක් තිබෙන්නට පුළුවන්. නමුත් වැඩිකාලයක් නොගෙන ඔබේ නිර්මාණය එලිදක්වන්න. ඒ හරහා ඔබට සත්‍ය පාරිභෝගිකයින් අතරට ඔබේ නිර්මාණය යවා ඔවුනගේ අදහස් දැන එය තවදුරටත් වැඩි දුයුණු කළ හැකියි

3. Hiring Poorly

ඔබේ නව ව්‍යාපාරයට එහෙමත් නැත්නම් සමාගමට අලුතින් සේවකයින් බඳවා ගන්නා විටත් ඔබ බෙහෙවින් සැලකියයුතු අවස්ථාවක්. බොහෝ ව්‍යවසායකයින් මුලදීම සේවකයින් බඳවාගැනීමේදී අනවශ්‍ය පරිදි සේවකයින් ප්‍රමාණය වැඩි කරගැනීමට උත්සාහ දැරීමෙන් සිදුවන්නේ ඔබගේ ව්‍යාපාරයේ ආදායමට වඩා මුදලක් සේවකයින්ගේ වැටුප් සඳහා වැය කිරීමට සිදුවීමෙන් ඔබේ ව්‍යාපාරය කෙටි කළකින්ම පාඩු ලබනතත්වයට පත්වීමයි ඒ වෙනුවට එකවිට සේවකයින් කිහිපයකගේ අඩුව සපුරාලන සේවකයින් කිහිපදෙනෙක් පමණක් බඳවා ගැනීම වඩාත් ආරක්ෂාකාරී පිළිවෙතක්ඔබ කෙනෙක් සමඟ කතා කරන සෑමවිටම වාගේ ඔබ සිතියයුත්තේ ඔහුව ඔබේ සේවයට බඳවා ගැනීමට සුදුසුද යන්නයි. එසේත් නැතිනම් ඔහුගෙන් ඔබගේ සමාගමට හො ව්‍යාපාරයට වාසි අත්කරගන්නේ කෙසේද යන්න පිළිඳවයි. සේවකයින් බඳවාගැනීමේ දී ගිණුම් කටයුතු, පරිපාලන කටයුතු සඳහාත් සේවකයින් බඳවාගැනීමට පැකිලෙන්න එපා

4. Not Embracing Agility

ඔබ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර යම් විදියකින් ඔබ ව්‍යාපාරයේ හොඳනරක, එසේ නැත්නම් වාසිඅවාසි ලෙස ලැයිස්තුවක් සෑදුවොත් ඔබට පෙනේවී වාසි හෝ හොඳ පැත්ත සාපේක්ෂව ඉතාවැඩි බව. නමුත් ව්‍යාපාරය කරගෙන යාමේ දී වඩා නම්‍යශීලී වියයුතුයි, විවෘතව සිතිය යුතුයි. තමන්ටම අවංක වියයුතුයි. වඩාත් හොඳින් සිතා බලා තීරණ ගතයුතුයි. මන්ද සෑමවිටම අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාර ඒ ඔබ සිතන අයුරින්ම සිදුවීමට ඇති සම්භාවිතාව අවමයි. ඒ නිසා ඔබ මිලදී සැලසුම් කරන පරිදි ව්‍යාපාර සැලැස්මක මෙනම නිවැරදි ඉලක්කයක් තබා ගන්නවා මෙන්ම අවශ්‍ය පරිදි ව්‍යාපාරයේ දියුණුව සඳහා ඒ සැලසුම්, ඉලක්ක සුදුසු පරිදි වෙනස් කිරීමට ද නම්‍යශීලී වියයුතුයි.

5. Losing Focus

බොහෝමයක් ව්‍යවසයකයින්ට සිදුවන දෙයක් තමයි කාලයක් ගතවන විට ඔවුන්ගේ අරමුණ අමතක වීම. බහුතරයක් ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධාතම හේතුවක් ලෙසත් මේ දෙය හඳුන්වන්නට පුළුවනි. ඔබේ නිර්මාණය හෝ නිෂ්පාදනය, ඔබේ පාර්භෝගිකයින් හා ඔබේ උපාය මාර්ගය බොහෝ දෙනෙකුට කාලයක් යද්දී සිය අවධානයෙන් ගිලිහී යන කාරණයක්. එකවර විවිධ දේවල් බොහෝමයකට අවධානය යොමුකර ඒ සියල්ලම අසම්පූර්ණ ලෙස නිමකිරීමට වඩා එක් කාලයකට එක් අරමුණක් තබාගෙන ඒ අරමුණ ඔස්සේ අවසානයක් ලගා කරගෙන වෙනත් දෙයක් වෙනුවෙන් කාලය කැප කිරීම ඔබේ ව්‍යාපාර දියුණුවට බොහෝ සෙයින් ඉවහල් වන්නකි.

ඹබත් ඔබේම ව්‍යාපාරයක් ගැන සිතනවානම් මේ ලිපියෙන් ඔයාට දෙයක් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනවා 

Comment එකක් දලා යන්න අමතක කරන්න එපා යාලුවනේ


හසිත චන්දිමාල්


1 comment:

  1. Baccarat at Foursquare - Play Online | Febcasino
    Experience this baccarat game 카지노 with online play or against real dealers 바카라 사이트 at febcasino.com. All you have to do 바카라 사이트 is register and click on the 'PLAY NOW' button.

    ReplyDelete