Monday, December 29, 2014

ලෝකයේ පුංචි සල්ලිකාරයෝ - හසියාගේ ලෝකය

ලෝකයේ සල්ලිකාර සෙල්ලක්කාරයෝ


(Srilankamirror)සෙල්ලක්කාර වයසේදී සල්ලි හොයන ඒකට වඩා තියෙන්නේ සාල්ලි නාස්ති කරන එකඅම්ම තාත්තා හරිහම්බකරපු දේවල් නසන සෙල්ලක්කාර පුත්තු ගැන ඔන තරම් කතා තියෙනවාඒත් ඇටෙන් පොත්තේ එලියට ආපුගමන්  සල්ලි හම්බකරල ප්‍රකෝටිපතියන් වුනු  කෙල්ලො කොල්ලො ගැන අහන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්


 01.ඒ අතරින් ජස්ටින් බීබර් කියන්නේ  ලෝකේ අංක එකට  ඉන්න සල්ලිකාර සෙල්ලක්කාරයාතවම වයස 17යි. ඔහු අද ලෝකයේ ඉන්න ජනප්රියතම ගායකයෙක් කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න දෙයක් නෑඔහුගේ never  කියන ගීත ඇල්බමය ඇමරිකානු ගීත අලෙවියේ වර්තාවක් පිහිටවූවක්. එහි පිටපත් අලෙවියෙන් ලත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 37 ඉක්මවා ගියේ ඉතා කෙටි කලකින්.මේ වන විට ජස්ටින් බීබර්ගේ වත්කම ඩොලර් මිලියන 53 ක්.



02.1992නොවැම්බරයේදී උපන් මයිලි සයිරස් ජස්ටින් බීබර්ගේ තරගකාරී ගායිකාව ලෙස හඳුන්වන්න පුළුවන්. නිළියක, ගීත පද රචකයෙක්, නර්තන ශිල්පිනියක හා සංගීතඥවරියක ද වන මයිලි පසුගිය වසරේදී ලෝකයේ ධනවත් සෙල්ලක්කරයන්ගේ ලැයිස්තුවේ හිටියේ අංක එකට. අද ඇගේ වත්කම ඩොලර් මිලියන 48 ක් වෙනවා.. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ ‘Hannah Montana’ රූපවාහිනි කතාමාලාව ඔස්සේය.


03.නික් ජෝනාස්ට තවම අවුරුදු 19 යිසංගීතඥයෙක්,ගීත පදරචකයෙක්, නළුවෙක් මෙන්ම ගායකයකු වන නික් මේ සියළු ශිල්පයන්  පෙන්වා මේ වනවිට ඩොලර් මිලියන 12.5 ක් උපයාගෙන තිබෙනවා.ඔහුගේ සහොදරයා සමග එක් ව ගීගැයීම නිසා ජෝනා ස්බ්‍රදර්ස් නමින් ඔවුන් වඩාත් ප්‍රසිද්ධය. ඔහුගේ දේමාපියන් ද සංගීතඥයන්.  


04.  සුප්‍රසිද්ධ Twilight චිත්රපට කතාමාලාවේ ජේකොබ් බ්ලැක් (19) ලෙස රඟන ජනප්‍රිය නළුවකු
වන ටේලර් ලෝට්නර්  සල්ලිකාර  ලැයිස්තුවේ හතරවන තැනට පත්වුනේ  Twilight කතාමාලාවෙන් ලත් ආදායම නිසාමය.


මේ වන විට ඩොලර් මිලියන 8.5 ක වත්කම් ඔහු සතුයි. නළුකමට අමතරව නිරූපන ශිල්පියකු ලෙසද කටයුතුකරන ඔහු දක්ෂ කරාටේ සටන් ශිල්පියෙකු ද වෙනවා .2010 වසරේ වඩාත් ම ලිංගික ආකර්ෂණයක් සහිත හොලිවුඩ් නළුවන් පනස් දෙනා අතරටත් ඔහු තේරී පත් වුණා. හොලිවුඩ් පුරයේ වැඩිම මුදලක් අයකරන යොවුන් චිත්‍රපට නළුවා වන්නේ ද ටේලර්ය.




05.  ලොකයේ රූපවාහිනී නාට්‍ය නිර්මණයක් සඳහා වැඩිම මුදලක් අයකර ළමා නළුවෙක් වේ නම් ඒ ඇංගස්ටර් නර්ජෝන්ස්ය. අමෙරිකාවේ අතිශය ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන කොටස් 26 කින් යුත්  Two and half men කතාමාලාව වෙනුවෙන් එක් කොටසක රංගනය සඳහා  ඩොලර් 30,000ක් ඇංගස් අයකරයි.
මේ වනවිට වයස 17 ක් වන ඔහු  රංගන ශිල්පියකු ලෙස කරලියට එන්නේ වයස අවුරුදු පහේදීයඔහු මේ වනවිට රංගනය උදෙසා සම්මන රාශියක් ද දිනාගෙන තිබෙන  දක්ෂයෙකි. ඔහුගේ මුළු වත්කම ඩොලර් මිලියන 7.8 ක්වේ.







06.සිනමා හා රූපවාහිනී නිර්මාන රාශියකට රංගනයෙන් දායකවූ සෙලීනා ගොමස් ගයිකාවක ලෙස ද අතිශය ජනප්‍රියයයුනෙස්කෝ ආයතනයට සම්බන්ධව මානුශීය ව්‍යපෘති ගනනාවකට ද සහභාගීවන සෙලීනා වඩාත් ජනප්‍රි වූයේ ජස්ටින් බීබර් සමග වන ආදර පලහිලව්ව හෙතුවෙනි. මේ වනවිට 19 හැවිරි දි ඇය ඩොලර් මිලියන 5.5 ක වත්කම් ඇත්තියකි.



07. වත්මන් අමෙරිකාවේ ජනප්‍රි නළු විල් ස්මිත් ගේ පුත්‍රයා වන ජේඩන් ස්මිත් තවමත් වයස අවුරුදු 13 ක කොලු ගැටයකු වූවද ඔහු උපයාගෙන තිබෙන වත්කම් ඩොලර් මිලියන 5 ක් වී තිබේ. චිත්‍රපට විශාල ගණනකට රංගනයෙන් දායකවී ඇති ජේඩන් ජනප්රියරැප්  ගායකයකු ද වේ. The Karate Kid ඔහු රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රි සිනමා සිත්තමකි. ජස්ටින් බීබර්ගේ never say never ගීතය සඳහා දරැපර් කෙනෙකු ලෙස ඔහු දායකවී තිබේ.













08.ජේඩන් ස්මිත්ගේ දස හැවිරිදි සහෝදරිය ද අයියා පසුපසම යමින් මේ වන විට ඩොලර් මිලියන 04  සල්ලිකාරියක වී තිබේ. විලෝ ස්මිත් නම් ඈ සම්මානයට පාත්‍ර වූ සිනමා හා රූපවාහිනී ළමා නිළියක මෙන්ම ගායිකාවකි . .I am legend  ඈ සම්මානයට පාත්‍ර වූ ජනප්‍රිතම චිත්‍රපටයක්.





09.ඩකෝටා ෆැනින් ගේ 18 වන උපන් දිනයයෙදීතිබුණේපසු ගිය පෙබරවාරි මාසයේඇයගේ රංගන ජීවිතය  පටන් ගන්නේ 1999 දීඒ කියන්නේ  වයස අවුරුදු පහෙදී. රූපවාහිනී නාට්‍ය නිර්මාණ හා චිත්‍රපට විශාල ගනනක් ළමානිළියක ලෙස  දැක් වූ දක්ෂතා වෙනුවෙන් සෑම වසරක් පාසාම හොඳම යොවුන් නිළිය  ලෙස ඇය සම්මානයට පාත්‍රවී තිබෙනවාඇගේ මුල් කාලීන චිත්‍රපටයක් වූ I am sam සඳහා සම්මාන විශාල ප්‍රමාණයක්  හිමිකර ගැනීම ඉන් විශේෂයි. Twilight ඈ රගපෑ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටි මාලාවකි. ඇය  මේ වන විට ඩොලර් මිලියන 4ක වත්කමකට හිමිකම් කියනවා.


 10. ඩකෝටා ෆැන්නින් ගේ සහයට මෙන් ඇගේ පසුපස ඇගේම නැගනිය වන එල්ෆැන්නින් එන්න ගත්තේ වයස අවුරුදු තුනපිරෙන්නත් මාස හතරක් තිබියදී. ඇගේ පළමු චිත්‍රපටය වුණේ තමසහොයුරිය රංගනයෙන් දායක I am Sam චිත්රපටයයි. ඇයත් මේ වන විට සම්මානයට පාත්‍රවෙච්ච නිළියක්. චිත්‍රපට 25 කට පමණ හා රූපවාහිනී නිර්මාණ ගනනාවකට සම්බන්ධ වූ ඇය අද ඩොලර් මිලියන  1.5 ක හිමිකාරියක්. තාමත් වයස 13ක් වූවද  හොඳම සහයනිළියට හිමි ඔස්කාර් සම්මනයට පවා ඇගේ නම නිර්දේශ වුණා. ඒ ඈ රගපෑ ජනප්‍රියතම චිත්‍රපටය වූයේ Supper 8 .  


හසිත චන්දිමාල්








0 comments:

Post a Comment